කළු ආලේ

කළු ආලේ

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

රතට සුදු වතකමල රෝස පාටින් දිලුණු නිලට ළා නිල් සයුර අනන්තෙට දිගහැරුණු කොළට කහ එක්වෙලා රන් තැඹිලි රස දැනුණු කළුම කළු ආදරය තෙපුලකින් මට ලැබුණු උරාගත නොවුණු සඳ සුදු වර්ණ මතුවෙනා දරාගත් හැම තැනම කළුපාට ගැවසුණා ඉරාගත් හදවතක කිරණ මග හැරවුණා කළුපාට ආදරේ හැම වර්ණ ගැබ්වුණා AnA
කවිය බලන්න