මාලිනියේ...

මාලිනියේ...

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

ඉඳුවර දෙඇස පියැවුණු මුව කමල මත දෙඅදර නිසසලයි කිසි මුව මුකුළු නැත විළිබර බැලුම් නැහැ ළය බැඳගෙන දෙඅත මල්සර දියණි ගියෙදෝ දෙව් විමන වෙත දුන්හිඳ ඇල්ල වැනි මුහුළස ගෙළෙහි බැඳ රන්බඳ ලෙළව ලෙළවා පියනගන සඳ පුන්සඳ නැගෙනු මෙන ගිරිහිස අඳුර බිඳ පන්හිඳ අසරණයි නැතියෙන් උවම් සොඳ විහිගුම් ගුණෙන් යුතු ලෙලැසිය පින්සාර මනරම් රැඟුම් පා මැව් රස සෘන්ගාර සැමරුම් තබා කර ජනහද ලංකාර දියදම් ලෙස නගයි පිය මග සංසාර මනුලොව රැඟුම් නිමවා සිහසුනෙන් බැස දෙව්ලොව වඩින මාලිනියේ නමා හිස නිහඬව සමුගනිමි කඳුලක් තබා ඇස අබිමුව මෙත්බුදුන් යළිහමුවෙමු මෙලෙස
කවිය බලන්න