Rest in peace

Rest in peace

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

නැහැනෙ මට කිසි නිවණක්, සිරුර අතහැර සිටියත්, නිලි රැජින පදවිය ලැබුනත් ඔටුන යන මේ ගමනක්? නමට ලැබෙනා බුහුමන් විඳ නොහැක හිත සතුටින්! දිරන දේහය බලමින් කඳුලු සලනව නිලියන්, ඒක ඇති පොඩි අඩුවක් දකින කැමරා කරුවන්. මගේ ලේලිය තුති පුද දෙමින් සලනා කඳුලත් වැරැද්දක් වෙන විලසත් දැනෙමි එය මට ඉවයෙන්! චතුරස්‍රෙ නිදහස් තැබුවත් රාජ බුහුමන් නැතිමුත් දැවෙන දේහය දැවෙමින් ඇයිද? මෙතරම් ගැරහිම්? එකළ සිටි ඒ උතුමන් දුන්න මුදලක් රජයෙන් රෝගී තත්වය මඳකින් බහැර කරනට පැතුමින්. එගැන ඇයි දැන් පවසන් මියගියත් මට විලියෙන් ඇම්බරි ඉන්නට සිදුවෙන්. හැකිතරම් මට බුහුමන් ලැබුන අගමැති ඇවිදින් කෙතෙක් වැඩපල තිබුනත් ජනපතිද මෙහෙ ඇවිදින් මගේ සොදුරුම වැසියන් දයාබර නලු නිලියන් පුවත්පත් වල නිලයන් ධරන මේ සැම අදරින් පිලිගන්ට මට හැක තුටියෙන් අදින් ගුණ දොස් අවසන් කර, නිදන්නට සුවයෙන් දෙන්න මට අනෙ හැකිනම් ඔන්න සැමටම පවසම්! Rest in peace යනු වදනන් වටහ ගනු සැම මැනවින්!
කවිය බලන්න