සැදෑ සැරයටිය

සැදෑ සැරයටිය

කපිල කුමාර කාලිංග

දැඩි හිරු රැස ද මහ වැසි ද නොතකමින් නිදිවරමින් තබයි ඔහු පියෙන් පිය යටිපතුල් රිදුම් දෙයි දුබලය මහලු ගත දහදියෙන් තෙමී යයි අව පැහැ ඇඳිවත දිනෙන් දින ගත වෙයි නැත කුසට නිසි අහරක් දැක ගැනුම ය එකම අරමුණ නිවන් මඟ දක්වන රුවන් දොර දුබල වුව ගත සවිමත් ය සිත තවත් දුර වුව යා හැකියි දුර පිහිටි මැදුරකි කලකින් ලැබෙන වරයෙකි එහි ඇතුල් ගැබෙහි ඇති ඒ රුවන් දොරටුව දැක ගැනුම මහ පිනකි කළ පව් දුරලන සැඳෑ සමයයි මේ සැරයටියට වාරු වී යා යුතු ය ඉතිරි කෙටි දුර ද මඳ දුරක් ගිය කල දකී ඔහු ඉදිරියෙන් හා පසු පසින් ඇදෙන දහයක් දහසක් දන එක ම අරමුණින සැදෑ සැරයටි සරණින මියෙන්නට මොහොතකට පෙර හෝ දුටහොත් ඒ රුවන් දොරටුව ළං වේලු නිවනට අවබෝධයෙන් තොර වුව වැටෙමින් නොවැටෙමින් සැදෑ සැරයටි වාරුවෙන් ඇදෙන අයුරු මහ සෙනඟ අරුමයකි පුදුමයකි ඉන්ද්‍රජාලයකි.
කවිය බලන්න