සමිඳ දිනා දුනිද අමාගේ......

සමිඳ දිනා දුනිද අමාගේ......

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

මෙතිර සරා පැතිරි දුමාරේ වැතිර හොවා දැවුණු අවාරේ ඉතිර නොවේ පතල පවාරේ කතර ගෙවා ගෙවුණු සහාරේ දුවන මුවා බැන්ද හිනාවේ දවන නුරාවන්ද කලාවේ පවන වුනා සින්ද වෙලාවේ හෙවන මහා කන්ද දිනාවේ සුවඳ පොවා බින්ද සරාගේ සබඳ දොවා කැන්ද සිනාගේ දිටිද දයා බැන්ද මනාගේ සමිඳ දිනා දුනිද අමාගේ වෙසඟ ගෙනා පවන සිනාවී සවන පුරා දහම ලඟාවී දුවන මුවා වැතිර මරාවී ගෙවන දුරා සිරිත හලාවී උපත උනා අසිරි තුමාගේ බුදුම සිනා පිරුණ දනාගේ පිරිණිවනා දියුණු මනාගේ මෙතුන පුදා වදිමු සදා ගේ සෙල් ඡන්දස අයත් " නළුගාහ විරිත " ට අනුව ලියන ලදී
කවිය බලන්න