අසිරිමත් පොසොන්...

අසිරිමත් පොසොන්...

ධර්මසිරි වීරක්කොඩි සීතාවකපුර

පොසොන් මහේ රැස් විහිදූ මෙපෝදා ඇසෙයි වටින් සම්බුදු ගී ගිගුම් දී අපිත් අරන් මල් සුවඳින් රුවින් යුත් බුදුන් වඳින්ටා යමු සිත් නිවාලා මිහින්තලේ මස්තකයේ සැපත් වී දහම් දෙසා රැස් කලඹක් විදාලා මෙලක්දිවත් ඒ රසයෙන් නැහැව්වේ මෙවන් පොහෝ දාකදි මයි නොවේදෝ බැඳේ තොරන් ලස්සන වූ විලාසෙන් කියා දෙවයි ජාතක පොත් කතාවන් පිපෙයි හදේ ඉන් බැති මල් බොහෝ සේ වඳිම් උතුම් වූ මුනිඳුන් බැතින් මම් සැදෑ සිතින් යුත් මිනිසුන් විලාසෙන් අගේට දන් සැල් අරඹයි දසන්තේ ලොවේ කොහේවත් වෙන නෑ දකින්ටත් අමා නිවන් බැව් පමණයි පතන්නේ මහන්සි වීලා නිවසේ සියල්ලන් සදයි පහන් කූඩුද එක් වෙලා මේ එයින් පිපේවී සමගී රුවන් මල් මෙයයි පොසොන් දා අරුමේ සිතේවී අපිත් සුදින් දැන් සැරසී නිවා සිත් යමූ රකින්ටා අට සිල් මෙපෝදා දුරස් වුණෝතින් අදමින් කෙසේ හෝ නිවන් පුරේටත් හැකි වෙයි ඇදෙන්ටත් සීතාවක පුරවරයෙන්
කවිය බලන්න