බඩ පිනුමක් ගෙන තැටියක්. ______________

බඩ පිනුමක් ගෙන තැටියක්. ______________

සුමිත්‍රා ආරියවංශ මහනුවර

නොපෙනෙන ඈතට යන විට ඇඳි ඇඳි පොත පත සිහිනේ දෙක වසරට වැට බැඳුනම වැස්සට නැත දොර ඇරුණේ හුස්ම පොදක අයිතිය මත කොඩි ⁣ළෙලදෙන විට තොරනේ අප්පච්චිගෙ සිහිනය වුණු ජීවිත පටුණය ඉරුණේ ගී පදයක අග මුල මැද නැතුවද මතකෙක රැඳුණේ හාමතයට එකඟ වෙමිණි යන්තම් දිව කට වැනුණේ කාසි වැටෙන හඬ ඇසුනම බඩ පිනුමට වෙර ලැබුණේ දුප්පත් කම වෙළඳාමෙනි තැටියෙන් වියතද රැකුණේ වාහන දුම් රොටු බැඳුනම තැන තැන වැරහැළි ඇඳුමේ වේදනාව සඳුන් වගේ සුවඳ හමන සිත කුසුමේ සෝ ළතැවුල පිස සතුටින් පිළිගත් පසු ලද උරුමේ සාගත සිදුරේ යතුරෙනි දොර ඇරුණේ මෙම නැටුමේ උණුහුම් වදනක සිසිලට හිත තුළ ඇතුවද ආසා අත පොවනා හැම මොහොතෙම නැගුනෙම අමිහිරි ගෝසා පියස සිඳුණු මහ කුලුනට බර වැඩි හින්දම මේසා මගෙ සුමිතුරු නැටුම සසග සිටියේ ගැරහුම් නාසා.... දිගන. ⁣
කවිය බලන්න