උන්මාද චිත්‍රාව සේ පෙනුනේය නුඹ     නංගියේ

උන්මාද චිත්‍රාව සේ පෙනුනේය නුඹ නංගියේ

චමිලා නවගත්තේගම ලන්ඩනය

එක්ටැම් ගෙයි ඇය සිර කර සිටි ඒ සංදියේ උන්මාද චිත්‍රාව සේ පෙනුනේය නුඹ නංගියේ ඒ සුවඳ දැනුනු බව කියන්නට මේ වංගියේ කොයි ඉන්නෙ කියාපන් මට හැරෙන්ට හංදියේ නොකැලැල් පිදුව ආදරයෙන් සුවඳ විදා චිත්‍රාවනුත් ලොව සැමගෙ සිතම බදා ඉරිලා වැටුනු සිත ගිනි කඳු ලගම පුදා කිරුලක් නැතත් ඇයගෙ නම දිලිනී සදා චිත්‍ර රාජලා වගෙ නැතුවාට මුරට වටේ ලොවක් ආදරෙ කරන අය ඇත නුඹට රටේ දීඝ ගාමීනී එදා රැකුනට ගොඳුරු කටේ කාල වේලලා ඉන්නවද දැන් මුතු ඇටේ එදා ආදර කතා අසමින් පොත පතේ සතුටු වෙන්නට හබල සොයමුද හැම අතේ ඔරුව පැදගෙන ගියත් අද නම් ජීවීතේ ප්‍රේම කරනට කවුද දන්නේ ඔය දුපතේ
කවිය බලන්න