යහගුණ ඇති දුවෙකී......

යහගුණ ඇති දුවෙකී......

චමිලා නවගත්තේගම ලන්ඩනය

සිසි වන උවන මදහස පිරි රුව මලකී රිසි ලෙස හැදුනු යහගුණ බෙල ඇති දුවෙකි ලැසි පිය නගන ඇය කෝමල සිරි කතකී දිසි ඇසිපියට සරිලන නුඹ පුර සඳකී පව පින දැනම මිනිසෙකු වෙනු සෑම කල රුව ගැන නොබල ඔය හද තුල දවා සිල පවසට දිය පොදක් ගෙන එන සුවද විල නවතා අඳුර පොදි බදිනට එපා ගෙල මල් වැසි වහින ජය දද පිරි සම්මාන විල් වල පිපී මඬ යට යයි ගිම්හාන කල් ගිය නමුදු පරවී ගිය ගම්මාන වල් බිහි වෙවී පවතී හැම නිර්මාණ
කවිය බලන්න