අනතුර

අනතුර

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

පළමු පෙම ටයරයක් වාගේ ගැලවුණා වේගයෙන් යද්දී ජීවිතේ කුඩු නොවී බේරුණි හීන බිම සමතලා වෙද්දී රෝද හතරේ ඇදය දිගහැර බොඩිය ටින්කර් කර තියා තැළුණු හීරුණු තැනට කැට්ලොයි පුරවලා ගමනක් ගියා අතේ ගැවසුණ ලෙසට රුපියල් පිටත සායම් ලෙස උලා කාලයක් ගතවුණා එන්නට කොට උඩින් බැස නැඟිටලා බිඳී ඉරිගිය හෙඩ් ලයිට් දෙක දුටු දෙයින් ඩිම් විය වරක් හැලුණු ටයරය අලුත් රථයක සවිවෙලා දුටුවා දිනක්
කවිය බලන්න