යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කතා නොකර හිටි දවසට
මුහුණ හංග ගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ සිතට දැනෙනවා
සත්තයි හිතට හැගෙනවා

ගව් සියක් ගෙවා අවසන
ගෙපැල අද්දරම ඇතිවිට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

එලිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

කවිය බලන්න