"ඉතුරු කවි ඔබේ ,මේ කවිය මගේ "

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

අකුරු ගැලපුම් වලට කියනවලු කවිය
අතුරු ආබාද නැති ආත්මික ඔසුය
සිදුරු හදවත් වලට හීපහර වැඩිය
පතුරු තියමින් බඳින පත්තුවක් වැනිය

මිතුරු බැඳුමක් අතර ඉතුරු
ඉතුරු කවියක් ගෙනෙන ඉසුරු
ඉසුරු හදවත් තුළම පැතිරු
පැතිරු දහමක් බැඳුණු මිතුරු

AnA 2024

කවිය බලන්න