පින්සරු ඇත්තන්ගේ ගීතය

පින්සරු ඇත්තන්ගේ ගීතය

බන්දුල කුරුවිටආරච්චි

සාර සදිසි වූ කෝල තෙපුලින් සෙනෙහසට සිත සිර කරන් සුවහසක් මද මාන සඟවා රැගුම් තුරුලට මා අරන් ආදරය යන අකුරු අතරේ ජීවිතය වත්තන් කරන් පාරමී දම් පුරන්නට දුන් කදුළු මහවැලි ගඟ තරන් පැතුම් ඉවකල වරම් අතරට රැවුම් ගෙරවුම් සෙනෙහසින් ඉකි බිඳින්නට කදුළු දී ජීවිතය බොඳ කල සන්තොසින් ඉවසුමේ පෙරුමන් පුරන්නට සවිය දුන් ඉරණම විසින් ලැබේවා ! ජය සතුට පිරි සොඳුරියක් යලි ඒ අනුහසින් වදන්නට ඉඩ හසර අහුරා උරුම සුන්කල දරු ගැබේ නොවටිනා පිය පදවියක් දැක රහස් සඟවමි හද ගැබේ ලදුන් , බිළිදුන් ගැන කථා ඇති උවම් සරුවට මට තිබේ පිංකමක කොත පලන්දනවද උපාසක සඳ මැති සබේ
කවිය බලන්න