පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න

අනුර හෑගොඩ

බෝ මළුවේ සඳ එළියේ සමාධියෙන් ඉන්න නෙතේ වරුණ දිදුලන්නට පහන් වැටට දුන්න ගිය අත්බවේ පින් මදිවුණි ඔබේ සුරත ගන්න පිංවතියේ පිං දෙනකොට මටත් ටිකක් දෙන්න නිවුණු හඬින් පන්සිල් පද බුදුගෙය තුල පිරිලා දෙනෙතේ මිණි කාන්තියෙන් බිතු සිතුවම් ඔපලා දැවුණු සඳුන් තෙල් සුවඳට ඔබේ සුවඳ එතිලා පුද දෙනකොට මල් තියන්න මගේ ගැනත් හිතලා
කවිය බලන්න