උදුල උඳුවප් කවි

උදුල උඳුවප් කවි

කෞශල්‍යා ජයලත්

උදුල උඳුවප් සඳ සමනොල රෑණ හා කද බැඳ කරුණා කරනයුරු සිරිපා මතුරකි මවන තොස හද උඳුවප් උදෑසනක ය සංඝමිත්තා තෙරණී දඹකොළ පටුනට වඩමවාගෙන පැමිණී දයා දක්ෂිණ ශාඛාව අඤ්ජලිකරණී තහංචි ය අද බෝ කඩුළු ය වනිතා වන්දනා රැහැණී සඟමිත් වඩා ආ බෝධිය හේමමාලා මුහුළ සැඟවූ දන්ත ධාතුව නමිනී රුසිරු උඳුවප් රැයක ය හිනැහුණේ මරි මවුන් උකුළේ සාමය රැගෙන සපැමිණි දෙව් පුතුන් මිහි මඬලේ රිදී කහවණු තිහකට " මල් උයන" පාවා දුන්නේ ජුදාස් අද ඩොලර් කීයද ? කටුවපිටි කඳුළින් ලැබුණේ " කිසිදු වරදක් නොකළ උතුමෙක් පළමු ගල ගසනු " පවසා ගැහැනියක දිවි රැකි උතුමෙකු කෙදින උට්ඨාන වන්නේ ? සමනලුන් හා පියඹන සමනොළ වන්දනා සිහිනේ වම් සිරි පතුල වඳිමී ඒදන් උයනෙ ආදම්ව සිඹිමී ආදම් මලෛ නඟිමී ශිවන් ඔලි පාදම් පුදමී විශ්වය ම කිරි කෝඩු ය ගෙත්තම් පානෙ ලියමී සියල් උර සැහැල්ලුව පතමින් දොළොස් මහ පහනට තෙල් දමමී ළදරු ළිහිණින් තුඩ තුඩ සත්වර්ණ දේදුනු පණිවුඩ රන් හිරු දකිනු රිසි නඩ නඩ තුන් සරණේ ගයන හැඩ වැඩ [සිතුවම: එස්.එල්. සෙනෙහෙධීර]
කවිය බලන්න