පතල් කවි 2021

පතල් කවි 2021

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

නිම්මා නොවන රෝ ගින්නෙන් දැවීලා ජන්මා දෙරන නෑ ලතැවුල් නිවීලා සම්මා කම්මන්තයට කරගැට මැවීලා අම්මා නොදැක දෑවසරක් ගෙවීලා ඉන්නේ දුරු රටයි සත් සමුදුරින් පිට බොන්නේ අඩු සීනි පූරුවෙ කල පවට කන්නට කරවලයි මැල්ලුම් උනු බතට යන්නේ කවදාද මවුපියො දකින්නට පිපෙනා නෙලුම ලත් දිය වාසනාවන් ගලනා කඩිති කෙත් බිම වාසනාවන් හැලෙනා කදුලු නෙත් අග වාසනාවන් දකිනා දිනක ගමරට වාසනාවන්
කවිය බලන්න