මල්සරා නුඹ කොහිද ..?

මල්සරා නුඹ කොහිද ..?

තිළිණි නිසංසලා දිසානායක

'පවුලෙන් ම ලස්සන එකී' ' අපෙ පිනට පහළ වුනු' අම්මා එහෙමයි කිව්වෙ කාලෙකට පෙරදි නම්..! කලවයස ගෙවී ගිය ගෙදරටම කොටු වෙච්චි පවුලෙ වැඩිමල් එකී හැමෝටම දැන්නම් බරක්...! අසුබ පෙර නිමිත්තක්..!! කැඩපතට එබෙන කොට දුටුව මම නර කෙසක් නළල මැද්දට වැටුන..! මට නොදැනි පලායන.. මගෙ භද්‍ර යව්වනය..! රැ පුරා හීනෙන් සරන.. සඳ කුමරුනේ වඩිනු ...! මා කැන්දගෙන යන්න.. මගෙ හීන සැබෑවී පැතුම් මල් පිබිදෙන්න...! දිනෙන් දින ගත වෙවී කල්යද්දි මගෙ දීගෙ හිත ගත්තු ඔහු එක්ක හැංගිලා රැ පානෙ මද්දුමියෙ නුඹ ගියත් තරහ නෑ කිසිදාක.... නුඹට බෑ මං හින්දා හීන නුඹෙ බිඳගන්න.. ඇවිත් පලයන් ගෙදර අම්ම මග බලාගෙන...! පොඩ්ඩියේ හෙට දිනේ නුඹත් දීගෙක යනව ගෙයි මැද්දෙ කලබලය! කෙළිකවට,හිනා හඬ... සතුට පිරි නුඹේ වත..! හැඟෙනවා නුඹෙ හැඟුම් කඳුලු මගෙ හංඟගෙන පතන්නම් සුබ පැතුම්! මට අහිමි නුඹට හිමි යුග දිවිය සරුවෙන්න..!! මගෙ පැතුම කවදාක ඉටුවෙයිද දන්නෙ නෑ.. කීරි ගස්සන හිතම තනිකමද උරුම මට..! තනිකඩව, පාළුවෙන් ගතවෙයිද මගෙ දිවිය.. මගෙ හිතේ දුක්, සුසුම් පවසම්ද කාට මම්...! මල්සරා නුඹ කොහිද ..? මඟ අරියි නුඹෙ දුන්න ...!!
කවිය බලන්න