අවමඟුල් තොරණ

අවමඟුල් තොරණ

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

සොහොන ළඟ තොරණ හරි ලස්සනට ඇන්දාට එන අයට තමයි ඒ නොවෙයි මළ උන්දෑට සුදු තමයි ගැළපෙනා පාට දුක්මුසු දේට එත් හැම තැන ම වගෙ තියෙන්නේ කළු පාට පෙති හැලෙන මලක් ඇන්දොතින් පරවෙන රෑට හොඳ වුණත් මල් මැරෙන බව මතක දෝ කාට කඳුළු බිඳුවක් අඳිමු පෙනෙන්නට සංකාව අමාරු ම නම් ඒක අඳිමු අපි ලංකාව (ගෙත්තම් පාණ, නවතම කාව්‍ය සංග්‍රහයෙනි )
කවිය බලන්න