සිල්වි - අනුවාදය

සිල්වි - අනුවාදය

උදයංග අමරසේකර ප්‍රංශය

මහා ප්‍රංශ සාහිත්‍යධර ෂොං පියේර් ද ෆ්ලෝරං විසිනි ආදරයක සතුට මොහොතක් පමණ රැඳෙයි ආදරයක වේදනාව දිවිය පුරා දිවෙයි මේ සංකර සිල්වි වෙනුවෙන් මම සියල්ල අත්හළෙමි ඇය මාව හැරදමා වෙන මිනිහෙකු ගත්තී ය මිටියාවත වටකළ මේ ගඟ ගලන තෙක් මම ඔබට පෙම් කරමි ය කියා ඇය මට වරක් කීවා ය ගඟ තාම ගලයි නමුත් ඇය වෙනතක ගොසිනි ආදරයක සතුට මොහොතක් පමණ රැඳෙයි ආදරයක වේදනාව දිවිය පුරා දිවෙයි සටහන : ඉහත කවියට අදාළ මූලාශ්‍රය මෙසේ ය : Jean-Pierre de Florian (1765-1794), Les Nouvelles de M. de Florian, 1784. සිතුවම කීර්තිධර ඔස්ට්‍රියානු සිත්තරෙකු වූ එගොන් ෂියෙල් (Egon Schiele, 1890-1918) ගෙනි.
කවිය බලන්න