තුරුණු හිතක සංතාපය

තුරුණු හිතක සංතාපය

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

මුලු ගෙදරම පාලුවෙලා සිනා ඔබේ හොරු ඇරගෙන ඔබ හදගත් ඒ කුමරා ඔබට හොරෙන් සමු අරගෙන ගිය සතියේ මා දුටුවා ඔබ තනියම හිනැහෙනවා පුංචි දුවේ කීවේ නැහැ සතුට ඔබේ මැකෙයි කියා ඊයේ අපි සැන්දෑවේ මුහුදු වෙරළේ පිය නගද්දී මා දැක්කා ඔබේ දෙනුවන් යුවළක් වෙත පියෑබුවා කුමරු ඔබේ ඉගිලුනාට එපා දුවේ ලතවී ඉන්න හෙට දිනයේ අලුත් හිතක් ඔබේ දිවිය පුබුදුවාවී
කවිය බලන්න