සරසවියට පියමනිනා දෝනිට

සරසවියට පියමනිනා දෝනිට

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

වහිනා තුටු කඳුලු මැද දූ තෙමුනාවේ
ගලනා දුක් කඳුලු ගඟුලක් තැනුවාවේ
මාපිය සෙනේ ඔරුවක් වී පැදුනාවේ
රුවලට වාරු හෙලු සුසුමෙන් එතුනාවේ

ශිල්ප උගෙන මනු හසරැලි දකීවී
රෝබිය දුරැර හිත් සමනය කරාවී
දින දින ගුණන සිතු වැල් දුව වෙලාවී
දෙවි රැකවරණ නිරතුරු ඈ රකිවී

සංකා තැවුල් සිත් කොන වැට පනින්නයි
හැකි උපරිමෙන් දිවි මග ඔප කරන්නයි
තුරුණු වියේ සුන්දර රස විඳින්නයි
සිහසුන දරන්නට වීරිය ලැබෙන්නයි

අම්මගෙන් ❤️

කවිය බලන්න