කුවේණි වලප

කුවේණි වලප

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

මහ සමුදුරු රළ වෙරළට ඇදුනා ඒ දිය රැලි තඹ පෑයට හැරුනා ඉරනම් නෞකා ඒ රළ දැවටී තම්මැන්නා වෙරළ ට ඇදුනා ගහ කොළ මොහොතක් නොසැලී සිටියා අහසේ ඉර හඳ නැවතී සිටියා කුමරුනි ඔබ දුටු අසුරු සැනේ සදහට ඔබ රුව මා හද ඇඳුනා නෑ සිය මිතුරන් ඉවත දැමූ යෙමි උන් හද තුළ ගිනි අවුලා ලූ යෙමි මේ බිම ඔබ හට නතු කර ලූ යෙමි තනියට ඔබ ළඟ නිතර ම සිටියෙමි මාතින් ඔබ හට වරදක් වී දෝ නැතිනම නම් ඔබ හිත වෙනත බැඳුනි දෝ නෑ මිතුරන් වෙත කෙලෙසක යම්දෝ ඔබ නැති තැන මට ඉර පායයිදෝ 1973 ස්වකීය ආත්මයත් , නෑ මිතුරනුත් දේශයත් ප්‍රේමයේ නාමයෙන් විජය ට පාවා දුන් කුවේණියට සිදු වුයේ බලවත් අසාධාරණයක් නොවේ ද .එහි ශාපයට ලක් වූ ශ්‍රී ලාංකික ජනතාව මේ අත් දකින්නේ එය ද
කවිය බලන්න