කන්ද නායගොස් වසරකි

කන්ද නායගොස් වසරකි

චම්පා කුමාරි දිසානායක

සංතෘප්ත පසක් ඇති හෙයින් නාය යා හැකිය බලධාරින් අනතුරු හඟවයි අවදානම ඉහළ හෙයින් අතැර යන ලෙසින් අවසන් නියෝගය කරයි ඔබ මෙහිය කන්ද පාමුලය දැනටත් දිය පහර සැඩය කෙතරම් සීතලක් ඇද්දැයි සිතාගන්නට නොහැකිය පන් සාලිස් වසක් කල් යනු මහ කාලයකි දෙදිනක් හැර අන් හැම දිනම එකටය එකටම යන පැතුම සුන් කරමිනි එදා මේ ලෙසම මහ වැහි ඇද හැලුනෙ මා බදා හුන් දෙඅත ගිලිහිනි වීසි කර මා ඉවතට ඔබ බිලිවිණි එදා පටන් නිදි නැති නෙතිනි කන්ද අස බිම බලන්නේ නැගිටීවි යැයි සිතමිනි හිමියනි වන්නාටක් වන්නටය මෙහි රැඳෙනුයේ තාමත් ඔබට පෙමිනි කන්ද ආවොතින් මෙදා ඔබ හිඳින තැනටම ගෙන යන්නට කන්නලවුවෙනි සංතෘප්ත පසක් ඇති හෙයින් නාය යා හැකිය බලධාරින් අනතුරු හඟවයි අවදානම ඉහළ හෙයින් අතැර යන ලෙසින් අවසන් නියෝගය කරයි කැන්දාගෙන ආ දින තරම් සතුටින් නෙත් වසමි අද රැයේ කන්ද රූටලා ඇවිදින් වැතිරෙන පැයේ දනිමි මා ඔබේ පපුතුරේ
කවිය බලන්න