අඳෝමැයි

අඳෝමැයි

අනුර ගුණතිලක ඇරැව්වල

සුදුත් නැත - කළුත් නැත මුදුත් නැත - රළුත් නැත කයක් ඇත - සිතක් නැත සිතක් ඇත - කයක් නැත රිදී සළු අන්දනා ඇසට සිත බන්දනා බලෙන් රස කැන්දනා පුතිරූප වන්දනා........... සබයෙ වැදි බණ දෙසන සෙළුව උනුනගෙ වසන කිළිටි සෝදන ලෙසින එකිනෙකා පිට කසන සරු නිසරැ සරු - කරන මත දුරු නැණ නුවණ පිරු - ඇදුරු මහැදුරු ගැඹර දැන සකි කවකි කිවියෙකි නැවකි නැවියෙකි සයුරෙ සැරියකි කවිය විය හැකි විටෙක කව් වැකි රසික කවයකි දිනක අරුමැකි සරඹ ලෙව්ලැකි හරඹ කව්ලැකි සුරා බඳුනකි බමන පිරිසකි කෙස් පැළිය හැකි තර්ක දහසකි ඉකි බිඳින සකි පසෙක කවියකි
කවිය බලන්න