මගේ අහසෙ හැමදාමත් නුඹ පෑයූ සඳයි
මගේ අහසෙ හැමදාමත් නුඹ පෑයූ සඳයි
හදේ පිපුණු මල දෝතින් නෙලන්න බැරි දුරයි
නගේ දිනක ගව් ගානක් ගෙවා එන්න හිතයි
දියේ දිලෙන සුදු නෙළුමට අත තියන්න බයයි
සිරි සිරි ගා පොද වැටෙද්දි මන්දාරම හැඩයි
තරු අහසේ රටා මවයි නුඹෙ හැඩයට සමයි
හිරු අවදිව මල් පිපුණා සුවඳත් එය තමයි
නොදැක ඉන්න බෑ ඇත්තට හදවත ඉකි ගසයි
සීත සුළං මත සතපා රහසක් ලියනවයි
ගීත ගයන බිඟු රෑනට පවසා එවනවයි
දීග යන්න දිනක් නගේ විගහින් බලනවයි
මීට වඩා ඉඳින්න බෑ තනිකම කඳුලමයි
කවිය බලන්න
