පුර හඳ සොවිනි

පුර හඳ සොවිනි

චින්තා ප්‍රියදර්ශනී

දස දෙස නෙතට දිස්වන කඳු මුදුන් මත... යස නෙක වෙහෙර දාගැබ් ඉදිවෙමින් ඇත... තොස සිත වඩන දුටු බැතිබර දනන් නෙත... මස හද කිමිඳ කුළු ගැන්වෙයි පහන් සිත.. දරා ධාතු ගැබ තුල බුදු රැස් විසුල.. අරා මතුව නැග එයි හට ගෙන පිළිල... මරා හදෙහි මතුවන අඳ බැති කුහුල... ජරා නුගය නමදිති නැතිවම අපුල .. මිසදිටු කැළගෙ පුහු බැතිබර නෙතින් අඳ... කිසිවිට නොමැත සිව්පසයෙන් පිදුම් ලද... විදසුන් වඩා බැඳි කෙළෙසුන් රැහැන් බිඳ.... රහතුන් නිවීයයි ගණ වන උයන් මැද...
කවිය බලන්න