එදා සිප්හල

එදා සිප්හල

W.M.සිරිවර්දන මැදගම, බිබිලෙ

කුඩා ළමා කල පාසල් බිමට ගොස් උදේ වඩා ලොකුම කජු පුහුලම ඇහිඳ එහි මඳේ කඩා කටට රස උරමින් බැම්ම මත ලිඳේ විඩා නිවා ගෙවූ දිවිය ඇඳී ඇත හදේ ගල් ලෑල්ල හතර වටේ ලී පටි ගැල වීලා කල් ගතවී කෑලි කැඩී සැම තැන විසි රීලා වල් තණපත් පඳුරු අතර කෑලිද සැග වීලා ගල් කූරත් කෑලි කඩා ඒව ලිඳට දාලා වෙල් යායක් නොවුන කුඩා කුඹුරේ සී සෑවා බෙල් එක වදිනා සද්දෙට රැස්වීමට ආවා දෙල් ගස යට සෙවනේ ඉඳ රස සීපද කීවා නෙල්ලි කඩා සෝදාලා ලුණුත් සමග කෑවා බඩ ඉරිඟුද සෝගම් සහ බෝංචි එළවළු ඉඩ ඇති විට ලමෝ එක්ව පාත්ති සැදුවලු මඩ තැවරුන මුත් කමීසෙ වේය දිව්‍ය සලු සැඩ සුළඟට වැටිච්ච අඹ මිහිරිද බැලු වලු පාට ⁣පාට හරි ලස්සන ඉඟිනිය ඇට හැඩ කාට කාට වුනත් ඇහිඳ ගන්නට ඇත ඉඩ ගාට ගාට ගහ වටකර ඇවිදින ගල උඩ තාට තාට සංගීතෙට සැදූ බමරෙ වැඩ කිඹිලිය රතු පාට වැටුන ඇගේ රුවට වැඩි හිඹිලිය ගස පිරී තිබේ ඉදුණු හිඹිලි ගෙඩි හැඹිලිය පුරවා ගත්තම හැඩය ගුලක කඩි සිඹිලිය රසහිඹිලි සොයා ගසෙන් ගසට වඩී බඩ ගින්නට ලැබුණා ඇඳිහැස බිස්කට් තුන කඩ කඩ අල්ලට තබමින් කෑලි කෑලි කන ඉඩ ලැබුනම ලිඳට දුවල තිබහට දිය බොන බඩ වැටියේ මල් කඩද්දි ඇනී කම්ඹි ඇණ W.M.Siriwardhana Principal Mo/B/Thiththawalkiula Primary School Kotabowa Madagama Bibile, Sri Lanka
කවිය බලන්න