දෑ සමන් ඕලිද්ද. වල් ඉද්ද වතුසුද්ද ..........
දෑ සමන් ඕලිද්ද. වල් ඉද්ද වතුසුද්ද
යොහොඹු මදාරාපිච්ච පෙතන් කෙකටිය
ඕළු මානෙල් මල්වත්තටත් වඩා උතුම් කර කී හෙයින්
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
ඇලක දොලක ගංගාවක කඳුකරක ජලයටත් වඩා
සිසිල් වූද පිරිසිදු වූද
මතුපිට පින්න හංසසමූහයාගෙන් යුක්ත වූ ද,
තිසා වැව නුවර වැව මින්නේරිය වැව බසවක්කුලම ආදී වැව් වල නද දෙන්නාවූ රැලි වලටත් වඩාඋතුම් වූද
නීල සාගරය ක්ෂීර සාගරය ප්රවාල සාගරය ස්වර්ණ සාගරයයන සිව් මහා සාගරයන් හීනද දෙන්නාවූ රැලි වලටත් වඩා උතුම් කොට කී හෙයින්
රැලේ රැලේ මුහුදෙන් දමන දිය රැලේ
උපුල්වන් දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබන මෙම ශ්රී ලංකාද්වීපයෙහි වීර පරාක්රම බාහු,මහා පරාක්රම බාහු,ධර්ම පරාක්රම බාහු, ගජබාහු වලගම්බා හු අටලොස් කලංකයක් සැඩි දෙමලුන් කපා කොටා වැනසූ ඒ
දුටුගැමුණු මහ රජතුමාටත්වඩා උතුම් කර කී හෙයින්
බලේ බලේ රාසිං දෙවියන්නෙ බලේ
ගාල්ල මීගමුව තංගල්ලබේරුවල මග්ගොන කළුතර
කළුතර පුත්තලම හලාවත ,කන්නමලේ,කුදිර මලේ, කරමලේ යන මෙකී එකී නොකී
කොටු පේතෲ වලටත් වඩාඋතුම් කර කී හෙයින්
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
දුංකළඳක් ගෙන බෙහෙතක් කල්කයක් අඹරන්නා වාගේ
දුල්ලාවට සදිසි ගෝමර පෙති සෙවගේ
නැන්දලා මාමලාගේ ගෙදරටයෑමට කදක් මල්ලක් බඳින්නා වාගේ
මල්ල් ලා බැඳි වරල බඹරිඳු රොනට වනේ
හැතැම්ම දහයක දොලහක නෑ ගමනක් යන්නට
රිදියෙන් රත්තරනෙන් කල බඩුවක් ඉල්ලන්නා වාගේ
ඉල්ලා ගන්ට බැරි වෙද මෙළඳ කර සෙනේ
ලන්දක කැලේක ගෝන පැටියෙකු මුව පැටියෙකු
අල්ලා ගන්නා වාගේ
අල්ලා ගන්න්ට නරකද රූබර පුතුනේ
කවිය බලන්න
