වසන්තය ආ පසුත් - කුමාරි රොඩ්රිගෝ

වසන්තය ආ පසුත් - කුමාරි රොඩ්රිගෝ

කුමාරි රොඩ්රිගෝ

යනෙන මග තොට අතර ඉදහිට මතක කඩුතුඩු ඇනෙනවා පුරුදු විලවුන් සුවද ඇවිදින් නාස් පුඩු කිති කවනවා නුඹ නොවෙන බව දැන දැනම මට හැරී ඒ දෙස බැලෙනවා අතින් අතහැර දැමූ මුත් නුඹ සිතේ හිදි වග දැනෙනවා නුඹේ වාගෙම දිලෙන දෑසක් අහම්බෙන් මුණ ගැහෙනවා හිනාවෙන ඇස් යට රැදුන දුක සැනෙන් මතකෙට නැගෙනවා තුටින් ඇත්දැයි දුකින් ඇත්දැයි මගෙන් මගෙ සිත අහනවා අකුණු සරකින් හැගුම් සසැලී නෙත් කෙවෙනි අග රිදෙනවා එදා නුඹ මග බලාගෙන සිටි වසන්තය විත් තිබෙනවා මග දෙපස තුරු මුදුන් සරසා නිමක් නැති මල් පිපෙනවා ගං දෑල පෙරදා වගේමයි හිස් අසුන් අත වනනවා කවුරු ආවත් අපි නො-ආවත් තේම්ස් ගග ඔහෙ ගලනවා ....
කවිය බලන්න