මිනිසත්කම
මිනිස්කමේ ඇති අගය නොදත්තෝ
මිනිසත්කමට නිති ගරහන ඇත්තෝ
මනුස්සකම මුදලට දෙන ඇත්තෝ
තමාට එරෙහිව නිති අවි ගත්තෝ
මිනිස්කමේ ඇති අගය දැනෙන්නයි
මිනිස්කමට නිති පැසසුම් දෙන්නයි
මනුසත්කම තුළ ලංසු නොදෙන්නයි
මිනිසත්කම අප රැකගත යුතුමයි
ආශාවෙන් ලොල් බැඳගෙන ඉන්නේ
රුපියල් සත ගැන නිතර සිතන්නේ
ආශා දැහැනේ හොඳ ගුණ නැහැනේ
එකයි මිනිසත්කම නොතකන්නේ
රුපියල් සත තුළ අගය මනිනවා
උස්මිටිකම් ගැන නිතර සිතනවා
වත් පොහොසත්කම් කෙරෙහි නැමෙනවා
ගුණවත් අය නිති අසරණ වෙනවා
ධනයට බලයට යටවී ඉන්නේ
මැරකම් අද පිරිලා තිබෙන්නේ
දැනුමට ගුණයට නැහැ තැන දෙන්නේ
මිනිසත්කම අද කොහේද තිබෙන්නේ
අවගුණ කුණු කඳු නිති පැතිරෙන්නේ
යහගුණ මල්ගොමු නැහැ බැබලෙන්නේ
මනුගුණ ගැන නැහැ යොමුව සිටින්නේ
මුනිගුණ ගැන නැහැ සිත යොමු වන්නේ
කවිය බලන්න
