පළමු ගල ගසන්න ට අවසර
සරා සදිසි අස්සක් මුල්ලක් නෑර
අරා අසුන් වටකොට කර බර සාර
පුරා අසුන් පිට දී සොඳ කට කාර
කිරා මැන බලති අනුනගේ බර තාර
කොරහේ කිඹුල් පිහිනුම් නිති දකින ඇස
මුවගේ නිබඳ රැඳවූයේ නොමද හස
දෙපිටේ කැපෙන දියරෙදි මුව තබා යස
වදනේ නිතර ඇලුනේ රස කරපු විස
සැමදා කිඹුල් පිහිනුම් කොරහේ දකින
එකදා නමුත් කිසි වරදක් නොම කෙරුණ
දුටුදා කෙනෙක් සිටියොත් හොඳ හැටි දන්න
ඇහිඳා ගලක් ගැසුමට අවසර මෙන්න
2026.10.20
කවිය බලන්න
