දැයක - යශෝරාවය නිහඩ වූ වගයි

දැයක - යශෝරාවය නිහඩ වූ වගයි

විජායී ලක්ෂ්මී මොහොට්ටි

දැයක - යශෝරාවය නිහඩ වූ වගයි. ආදරණීය නන්දාමාලිනියනි, ඔබට සුබ ගමන්!🙏 " සරස්වති මණ්ඩපය " ළමා කළ අප ඇසුව දුරස්වී ගිය නමුදු අප සිතින් දුක් මුසුව ඉවත් වූ දින ළමා - විය නිමා කළ පසුව තවත් මතකයෙ තිබේ අදත් ඔබ එහි විසුව,....! පාන - පෙළහරට - පන්හිඳ ට කග පතක් විය ගායනාව ද විටෙක බාවනාවක් ම විය කාලය ද වියපත් ය - හඩෙහි වෙනසක් නොවිය ජාතියක් අවදි කළ " යශෝරාවය. ඔබය....! මුදු සිතින් ලක්මවගෙ දූ - පුතුන් දුටු ඔබ ය හදවතින් ඔවුන් වෙනුවෙන් නැගූ හඩ ඔබ ය අදුරකින් මුදා නැගි සොමි කිරණ වූ ඔබ ය " සුදු වතින් නැගී සිටි වීර සෙබළිය ඔබ ය...! " ගැඹුරු ඔබෙ හඩ රැගෙන විසල් අහසෙහි දිවෙන නැඹුරු වී සයුරු ඉම සොයා පැතිරෙන බැවින පවුරු බැඳ කිසිවෙකුට වළක්වනු හැකි නොවන කවුරු නවතාලත් ද - ඔබේ ගී හඬ පවන.....? ඔතා ජාතියේ උපහාරයෙන් ඔබ පිදෙන ඉතා යහපත් තැනෙක තබා ඔබ හද බැඳුන ගොතා කවි මල් - දැයක හඩ - නිහඩ වූ මෙදින පතා සුබ ගමන් ඇත යළි නොඑන බව හැඳින..! ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට. 20 . 08 . 2026
කවිය බලන්න