නුඹ නිදන තැන..

නුඹ නිදන තැන..

නිමල් හේරත්

සිඳී ගිය වැව් තෙරේ මැරුණු මල් වල සුවඳ බිඳී සිත බැඳි දැහැන දිගට යන්නට නොඉඳ කෘශව ගිය ඉපල් ගස් රත් පැහැය හැඳ පැලඳ එබී හිස නගයි උන් අසන්නට සඳ පබඳ දුක හිතී ඇහැල මල් බිම බලාගෙන සිටින උහුල ගන්නට බැරිව නැමී පොලොවම සිඹින වසර ගණනක් පැරණි මිහිදන්ව ගිය සිහින සිනිඳු මුදු පෙති සමග නැගිට රහසින් දොඩන කිරල හැඬුමකි දුරින් පපු කුහර හිරිවැටෙන කන කොකුන් පේලියකි පාලුවම ලුහුබඳින
කවිය බලන්න