යදින කිරි

යදින කිරි

අංගප්පුලිගේ කැලුම් විරාජ් චතුරංග රාගම

තෝනිගල කඳු ඉමේ පිපි කරබ මල් කැකුළ හිරුට අවනතව පෙති විහිදුවන හැටි ඔන්න වියළුව ද කඳුළු ඔබේ කිරි යදින තනපුඩුව නගින පියගැට පෙළේ අරලියා මල් පොකුර කිනිත්තට බර නොවී පාව යන හැටි ඔන්න වියළුවද කඳුළු ඔබේ වීදි පිස හමන නළ කටාරම් කෙටු ලෙනේ බුදුපුදට ආ කුමුද සඳුට අවනතව පෙති විහිදුවන හැටි ඔන්න වියළුවද කඳුළු ඔබේ හිස්ව ගිය මහ ගෙදර සැනසෙන්න ටික දුරයි නාටකයේ තව ඉතිරි Photo Credit; Simon
කවිය බලන්න