ඉබේ ඇවිදින්....
ගෙදර වැඩ ටික පසෙක ලා.. මා
හොර රහසෙ තනියම ඇවිත්
ඉවුර පසුකර වැවට බැහැලා
කඩාගෙන මල් මිටියකුත්
බලා ඉන්නට සිතුනෙ ඇයි? දෝ
දන්නෙ නෑ මා හේතුවක්
කියාගන්නට වචන නැතුවට
හිතේ ඇත නලියන දෙයක්
පංතියේ යාලුවගෙ අයියා
පංසලේදී හමු වෙලා
බෝධි මළුවේ කොනට වීලා
කතා කෙරුවා බොහො වෙලා
එනව කිව්වා වැවට හවසට
කුඹුරෙ වැඩ ටික නිම වෙලා
නොකිව්වත් මට එන්ට කියලා
මමත් ඇවිදින් ඉමි.. බලා
(පිංතූරය අන්තර්ජාලයෙන් ...)
කවිය බලන්න
