ජීවිතය බැරි ගැහෙනවා
අදත් හිරු ඇහැරවා ගෙන මම
වැඩට දිව්වා කලබලයෙන්,
ගතේ හයියට වඩා තිබුනේ
හිතේ හයිය යි මා ලගින්,
රිදී පාටට මහ උජාරුවට
රීදී කෙස් මතුවී ඇවිත්
සිහින පස්සේ ම දුවලා දුවලා
මමත් දැන් වයසට ගිහින්,
බොහොම වේගයෙන් ඇවිද ගෙන ගිය
පා යුග පටලැවෙනවා,
හමේ දිලිසෙන පාට පරදා රැලි
මතුපිට්න් පෙනෙනවා.
මගේ කරදඩු වලට ඉහලින්
දරුවො මුදුනට ඇදෙනවා.
හිතේ හයියට කොහොම හිතුවත්
ජීවිතය බැරි ගැහෙනවා.
කවිය බලන්න
