බොහෝ මඟහැරුන සෙත් කව-ලාල් හෑගොඩ දෙටු කව

බොහෝ මඟහැරුන සෙත් කව-ලාල් හෑගොඩ දෙටු කව

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

පොටෝ වලින් කවි ලියන්න ඔටෝ සරස්වතිය වෙන්න දුටෝ දුටු තැනදි නවන්න කටෝරේ ට හිත නිවන්න නෑ මඩ කදිම බැත බිස්සට පුරවන්න සෑ ගොඩ අනුරපුර මරු දැක වැඳගන්න පෑ විඩ යමක පෙලහැර මෙන් විඳ ගන්න හෑගොඩ ලාල් කවියකි යුතු කියවන්න ගාලු කොටුව මැච් බැලුවේ නැත මිතුර මාළු දනී දැල් ඇහැකට ඇති යතුර ඕලු නෙලුම් අගනෙ ද පරසතු විතර ලාලු කිතුල් වඩියකි හැරගිය අතුර නොලැබුනද නිසි තැන දන්නෝ දනිත් හේ ගැන විරල ළෙඳ පෑදුන උල්පතෙකි දිය මී වෙන කිරි එරෙන කවි ලියූ වෙරි බහින ගී තියූ ඉරි අතර සේ ගැයූ සොරි වට් අ ලෙජන්ඩ් යූ..
කවිය බලන්න