ස්පා.
ඉරි තැලුනි වැවු මෙවුල
කිරි වළා තන නො දැකම
පෙති ගහත් නෙළුම් ඇට
වැටී මෝසම් තොලක තෙත..
ස්වර්ණ මාලා කුමටද
ලපටි ලැම ගෝමර පිපුණම
හෙව්වේ ද ඒ අනාමික බිඟු
දම් ද රෝසද පෙති වාසගම
ඉවසාම දුක් නියං සම
පාට ගෑවේද නා දළු අග
ටිප් එකට නොවෙමයි ගැලෙවුවේ
නටුවෙන් පළමු ඔරු අත
මව මවා හෙට තුසිත සුඛ
කරකවා පීදුවෙහි ලකැකුල
මෝර මෝරා එද්දි දා ගැබ
විසිවුනා දෝ පහළ මළුවට
කවිය බලන්න
