මළ පෙරහැරක කසුකුසු

මළ පෙරහැරක කසුකුසු

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

පෙට්ටිය ගෙට නොගිය උපාසක ආත ගෙ බොඩිය උවහරණ කළ ලොකුහිමි ය දෙසූ බණනම් සුපිරි ය යන්තම් එකම පුටුවට එලා උත්තර සළු පට වාඩි වූ ටකරම යට කවුද දැන් එනතා ගෙ පිහිටට හූල්ලන හිතවත්තු වටේ ගේවල බවලත්තු මැදින් ගොස් ඉඳගත්තු සීදේවි හොර බලවත්තු දිවිපුරා කඹුරා ඇති මිනිය කර ඉහලින් යති ලොකු සාදු සහ හොරමැති "වී එයිට් " එරිදියෙන් ඉගිලෙති බණ කොතෙක් ඇත්තද කුමක් කරනුද අපේ කරුමෙට සීදේවි මැති සඳ "ලබන පාරත් යවමු රජ ගෙට"
කවිය බලන්න