ලාල්
මා කැමතිම
අකැමැති කවියා
ලාල් හෑගොඩ
මා ඔහුට කැමති වන්නේ
සඳස් නිසඳස් අතර
හිරවී සිටි මට
කවිය පවතින්නේ
ඊට ඔබෙන්
කියා දුන් නිසාවෙනි......
අකමැති වන්නේ
කවියෙක් වන්න
පෙරුම් පිරූ මට
දන්න දෙයක් කරගෙන
ඔහේ හිටපන් යැයි
ඔහුගේ කවියෙන්ම
කියාදුන් හෙයිනි.
