සමාධි ගත කළ කලාකරුවාණෙනි!
පුදසුනේ මුදු කුසුම් පිපිදේ
සුවඳ අපටයි මේ භවේ
පහන් වැට එක පෙළට දැල්වේ
එළිය අපටයි මේ භවේ
පුලින බඳුනේ සඳුන් දැල්වේ
සුවඳ අපටයි මේ භවේ
දෙව්බඹුන් දෙවඟනන් පිරිවර
ඔබට හිමි වී ඇත භවේ
සෙනග එනවා ඇවිත් යනවා
මල් පහන් තෙල් අත් හලේ
ගෙදර යනකොට අරන් යනවා
ඔබේ බුදු ගුණ සිත් තුළේ
එවන් අසිරිය ගලින් මතු කළ
කලාකරුවාණෙනි! ඔබේ
සියුම් සිත මම හැඳිනගත්තෙමි
ඔබට නිවන ම ඇත භවේ
