පරණ ගෙදර මතක

පරණ ගෙදර මතක

මාලිනී හෑගොඩ USA

කණු මත රැඳුණ වහලේ විය ඉදිරි පස ගල් පඩි මතින් ආලින්දය මුල් කොටස ටීපෝවක් හා පුටු කීපයකි අබියස දිග බංකුවක් තිබුණා එහි අනික් පස මිදුලේ ඉදිරිපස වැවු තණකොළ බිස්සේ මිනුම්දෝරුවන් හැංඟී සිට ඉස්සේ සද්ද නැතුව ඇලුණොත් පයැඟිලි අස්සේ ලේ සලකුණුය ගෙට ගොඩවුණු අවුඅස්සේ ඉහළට අකුළලා යට ලීයේ රැඳුණූ හිරිකඩ වෙලාවට පහළට දිග ඇරුණූ පැළලි දෙකකි බට පොතුවලින් වියවුණූ මතකය අවුළුවයි තව තව මග හැරුණු ආලින්දයෙන් සාලයට ඇතුළුවෙන දොර ගෙතූ තිරයකින් වෙන්වුණා හැඩකර සාලය මදක් අඳුරුයි ජනෙල් අඩුකර බිත්ති පුරා මඟුල් පින්තූර විය බර බෝක්කුව කියූ ලොකු පිවිසුම ඔස්සේ බරාඳය නැමැති කොටසකි අග්ගිස්සේ කෑම මේසෙ හා පුටු එහි නොවලස්සේ දෙපස නිදන කාමර තිර රෙදි අස්සේ වැහි පීල්ලකින් එකිනෙකට යාවුණූ ගෙවල් දෙකක් විය වහලයෙන් හාවුණූ පළල් දිගු පිළකි දෙපසින් නොවැහුණූ ඊළඟ ගබඩාව හා කුස්සියයි ඉඳිවුණූ කිසිතැන කිසි දිනක දැක නැති පිඟන් ඇඳ ගබඩාවේ පැත්තක පිඟන් එහි මැද ඉපැරණි බූලි හැඳි හා අනෙක් දේ ඉඳ තිබුණේ අපේ ගෙදරද කොහෙද විතරද ගැඹුරු ළිඳෙන් ඇදගෙන විත් තාලයක වතුර කළ පසෙක පිළ මත පේළියක සෝදා වළං වේලන එක තට්ටුවක වළං මැස්ස මිදුලේ විය තීරුවක නිතරම දැලි බැඳුණු කේතලය රත් කළ කුස්සියෙ බිම ගල් වලින් බැඳුණු ළිප්වල දුම් වැද උඩින් දුම්මැස්සක මුට්ටිවල අටුකොස්, ගොරක ආදී දේය රැස් කළ දුම්මැස්සට උඩින් උණ කඳන් අතුරලා හදපු තට්ටුවේ වී ගෝනි පුරවලා මීයන් හැංඟිමුත්තන් කෙළපු හැංඟිලා අපි පොඩි එවුන් උන් අප සැවොම බය කළා දහවල පිළේ තේ දළු අතුරා තිබුණී මැලවුණු දළු හවස ගෝනිවල පැටවුණි අත් ට්‍රැක්ටරයකින් ෆැක්ටරියට යැවුණි තේ කොළ අපට ඒ ෆැක්ටරියෙන් ලැබුණී 2026 ජූනි මස 11 වන දින කැලිෆෝනියාහී දීය.
කවිය බලන්න