ඇරයුම්...
රතු පාට සළු පැලඳි මැයි මාර හෙවන යට
සුළඟ හා යුද වැදී මල් හැලෙන කණිසමට
ඔබ ඇවිත් සිටින බව දැනුණමුත් හීනියට
නෙතු වසන මගේ සිත දැනේවිද ඔය සිතට
පිනි වැටෙන උදෑසන හිරු එළිය පසුකරන
දම්පාට හැන්දෑවෙ සුසුමකට ඉඩ දෙවන
නිදි වරන රාත්‍රිය සීතලක සතපවන
හීනයක තනිවෙලා කිමද අද ඔබ ඔතැන
ඉගිල එන සිතුවලියෙ නෙක පාට තවරන්න
කඳුළු පොද ඉවත ලා සිනාවෙන් සරසන්න
මුතු පබළු සේ සිනිඳු සුමුදු පද අමුණන්න
රිදුම් පිරිමැද තවන කවියක්ව ඔබ එන්න
