වැව රවුමේ බලා හිටියා මං

වැව රවුමේ බලා හිටියා මං

කුසුම්සිරි විජයවර්ධන

රෝස පැහැ රොබරෝසියා මල් පිපෙන නුවර වැව අස ලේක්සයිඩ් ගල් බංකුව මත මම බලා හිටියා හැමදාමත් ඉර නැගී සඳ බැස යන තුරුම වසන්තය ගෙවී ගිම්හානය එනතුරුම කුඩාවුන් ගජ ඉලංදාරි වනතුරුම වැවට වට මහ ගස් දිරාපත් වන තුරුම යාලු මිතුරන්ට මම මතක නැතිවන තුරුම වැව වටේ රවුම් කීයක් ඇවිද්දද මම කළු පැහැ කොණ්ඩයේ සුදු ගස් මතුවන තුරුම දැන්නම් හරි මහන්සියි මේ ජිවිතේ එදා ඔබ පෙන්වූ ඉබ්බො ජෝඩුව අන්න තවමත් අව්ව තපිනවා ඔබේ හිනා හඬ අහන්න පැස්තුඩුවො රංචුවක්ම ඇවිත් නොකියාම ගිය ඔබ එන්නෙම නැද්ද ආයෙත්
කවිය බලන්න