නියඟය

නියඟය

කසුන් විජේසිංහ

ඉංග්‍රීසි ජාතික කිවිවර Francis William Bourdillon (1852-1821)ගේ Drought නම් ඉංග්‍රීසි කවිය ඇසුරින්. වැසි පිණිස,වැසි යදින වියළි බිම හඩන සද අවලාද නෙක නගා වළා තොර ගගනතට රත් ශ්වේත කෙත් ධවල එළි යන්තමට උදුල ගලන ගංගා ඔවුන්ගේ නින්ද තුළ ගිලෙන. ඉසිඹුවක් උදෙසාම වෙහෙසකට පත් හැඩුම් අඳුර,අරුණෝද වන මග බලයි ඒ අහස කුඩා නින්දක් පතයි නෙක සරන වළා රැස නොනවතින මහත් ඝෝෂාව නවතන සුවය. නිසි කලට දෙවියන්ද පුදන විට වැසි සමය ගිලන් මිනිසා යවයි ශාන්තිය රිදුම වෙත නමුත් අප මග බලන දයා කැටි වූ එමග අහෝ! දුක් මුසු සමය අනන්තය සේ පෙනෙන. එහෙත්,යහපත් ලෙසින් සැපත් වෙයි සන්ධ්‍යාව තුෂර නව සුවඳ ගෙන වඩියි කෙත් වතු මතට දයාබර සිනහවන් ආව‍ර්ත වන දවස මොහොතකට සතුටු කරවයි ගිලන් මනු පැතුම. Photo Credit; Dikaseva
කවිය බලන්න