සිර ගෙදර

සිර ගෙදර

ජයන්ත දිසානායක පන්නිපිටිය

ඉරණම අනුව ඉපදී මේ සසර බවේ කරනම නැතිව යා යුතුවෙයි දරන් සුවේ දරුණුම තැනදි වැටුණම පලදීලා පවේ තෙරපුම ලඟඳි කාගෙත් පිට කොන්ඳ නැවේ සැනසුම ලබන්නට යහගුණ ඇතුව ලොවේ ඇරයුම ලැබෙන තුරු නිහඬව ඉන්න සුවේ පිවිසුම කඩා ⁣බිම හෙළුවොත් පපුව දැවේ දිවියම කැප කලොත් ගිනි දළු නිතර නිවේ දඬුවම ලබපු දාසිට නෙත් නිතර කැවේ ගැරහුම පුළුල් වෙන විට හද දුකින් තැවේ වැනසුම නොසිත හදවත් කිහිපයක් දැවේ සැනසුම සොයා පතනෙමි හෙට නිවන් සුවේ
කවිය බලන්න