සුන්දර හුදකලාව

සුන්දර හුදකලාව

සුමිත්‍ර්‍රා ජයතිලකබන්ඩාර වික්‍රමසිංහපුර

ඇසෙයි විහඟ ගී මේ දසතින් ගැලුව එලෙයි කන්ද වටකර මිහිඳුම් සලුව වැටෙයි සඳ කිරණ පොහොදින නැත කලුව අගෙයි අරණ තුල ඇති සක්මන් මලුව ගිලිලා විලේ පැන්පහසුව ලබා ගමී නෙලලා නෙලුම් මහනෙල් බුදු පුදට යමී තබලා නළල ශ්‍රීපා මුල සතුටු වෙමී වැඩලා පිණ්ඩපාතයෙ කුස නිවා දැමී සැනෙන් ඉවත්වී දනගෙන් කුටිය තුල දිනෙන් දිනම වඩමින් සිත නිවෙන කල පිනෙන් පිරෙනවිට සසරෙන් ඉවත හල මනෙන් හුදකලාවූ දින ලැබෙයි පල අනියත ලෝකයක සැප ලබමිද කවදා තණමත දිලෙන පිණි කැටයකි මෙය සැමදා විදුනෙත දහම තුල ඇත එය ගමි පහදා පරිනත වෙමි දිනක සැනසිලි එයි නිබදා ජාති ජරා ව්‍යාධිය මරණෙද ශෝක ගේති පරිදේව දුක් දොම්නස් නේක පාති රැඟුම් ඒ තුල ඉඳගෙන ලෝක නේති බවයකට නිවනට ගිය දාක සුන්දර හුදකලාවට පෙම් බඳිමි මම පිංබර දිවිය තුල නිදහස ලබමි මෙම සංවර සිතක අසිරිය දැක සසර ඉම ළංකර ගනිමි මතු දින මේ නිවන අම Photo Credit; Rajat Verma
කවිය බලන්න