ඒ සැප

ඒ සැප

අමා ඔවිනි අලුත්ගේ

තන්තිරිමලෙන් ආපහු එනකොට සෙරෙප්පුත් නැතුව දුම් දාන තාර පාරේ යනෙන ළමයින් දැක පොඩි උන්ට බැන්නා හොඳටම සැප වැඩියි උඹලට රිටිගල කන්දෙ හැන්දෑවේ රන් පාට පසුබිම ළඟ සෙල්ෆි ගහ ගහ මෙහෙම ඉන්නයි හිතුනේ පුච්චපු ඉරුං කරලක් හප හප උදේ හවා නැහි නැහි කොහෙද හිත සැනසීමක් මොන ජීවිතද මේ අපෙ ඒ වගෙද වැව පිහං එන හුළඟෙ මේ සැප ඒ දවස් තුන අහවර ගෙදර යන තකහනියක ඒ නමයෙ මේ කෙළවර කැළණි පාලම උඩදී එක හැර හිතුනේම තිබ්බ නම් අර වගෙ එස් යූ වී එකක් වේගෙන් යන්න තිබ්බා අපිටත් සන් රූෆ් තිබ්බොත් පොඩ්ඩොත් ආස වෙයි හරි හරියට හානේ, ඇනුවල් පාටියත් අත ළඟ අයිවරි පාට ගවුමක් ඇන්දොත් මෙයා මම අන් කොමන් නේද මේ වර?
කවිය බලන්න