වසරට නැවුම් ආසිරි මල් පිපේවා!
කිසිදා නොවුණු ලෙස ලක් බිම බැට කෑවේ
රිදවා පහර දුන් දිට්වා නුඹ ආවේ
ව්ඳවා නිමක් නැති වූවත් දන ජීවේ
මුදවා ගන්න මිනිසත් කම් අත් පෑවේ
වසරට ගෙවුණු කාගෙත් නෙත් යොමා සිට
සැරසුම හොඳයි සිදු වූ හැම දුරස් කොට
දහමට සොබා සලකමු දැන් ලෙහා ගැට
අහිමිව යන්න මත්තෙන් දරුවනගෙ හෙට
වැරදි කෝටියක් සිදු වුණු නොදැන සිත
වඳිමු සමා අවසර මනු ගතිය මත
දෙරණ රකින දෙවියනි නිති යොමා නෙත
මැනවි සියලු දොස් දුරුකර හරින අත
මතුවන සාදු සිත් මැද දුක් නිවේවා
දෙරණට සිව් වරන් නෙත් සර වැටේවා
මිනිසට මිනිසා ගැන අගයක් දැනේවා
වසරට නැවුම් ආසිරි මල් පිපේවා!
