නැඳුන්ගමුවේ රාජා

නැඳුන්ගමුවේ රාජා

පුෂ්පලතා කැකුළාවල

දළඳා මැදුරෙ තේවාවට ගියා පයින්
පිහිටා සත් බවෙහි මඟතොට වෙලා අයින්
වළඳා කිතුල් පොල් අතු රිසි ලැබෙන දෙයින්
ගෙවුණා වසර ගණනාවක් ඔයින් මෙයින්

පෙර කල පිනකි සසරේ එන පතාගෙන
වර ලත් කරඬු ධාතුව පිට දරාගෙන
සුර ලොව බඹුන් උව එති තෙද විදාගෙන
හර වත් ගමන් මඟ රජු ඇත් විලාසෙන

නැති මුත් තවත් ඒ ත්ජස පෙර සේමා
සිදුවෙයි පුරුදු පෙරහැර සරුවකි බෝමා
පින්වත් රාජා ඇතු වෙත නැති පෙමෙ සීමා
තවමත් අඬයි ඒ පෙම්බර කළු මාමා

උප නූපන් බවෙක මතු පින් පිරේවා
කිසිදා සතෙකු වී උපතක් නොවේවා
ලෙඩදුක් රෝ බියක් මෙපිනෙන් නොයේවා
නිවණෙහි සැනසීම විඳිනට ලැබේවා

කවිය බලන්න